පැරණි පෙම්වතා වෙඩි තබා වවුනියාවේ කතක් ඝාතනය කරයි

507

ඔහුත් එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන

වවුනියාවේ පරයානාලන්කුලම් නීලියාමොට්ටේ ප්‍රදේශයේදී 13 දා පුද්ගලයකු කාන්තවකට වෙඩිතබා ඝාතනය කොට ඔහුද එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි වවුනියාව පරයනාලන්කුලම් පොලිසිය ප්‍රකාශ කළේය.

පොලිසිය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව මියගිය කාන්තාව විවාහ වීමට පෙර මෙම පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් අති අතර පසුව ඇය වෙනත් අයකු සමග මීට කාලයකට පෙර විවාහ වී තිබේ.

මේ වන විට එම කාන්තාව එක් දරු මවක් වන අතර ඇය සිය ස්වාමියා සමග නීලියාමුට්ටෙයි ගම්මානයේ පදිංචිව සිට ඇති අතර පැරණි පෙම්වතාද එම ගමානයේම ජීවත් වෙයි.

වෙඩි තැබූ පුද්ගලයා කාන්තාවගේ නිවසට පැමිණ ඇයට වෙඩිතබා මරාදමා ඔහු නීලියාමොට්ටෙයි කෝවිල අසලට ගොස් ඔහුද එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර අසල තිබී තුවක්කුවක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක කාන්තාවක් වන නිව්ටන් දර්ශනී හා වයස අවුරුදු විසි හතරක සිවපාලන් සුජන්තන් නැමති පුද්ගලයෙකි.

මේ වන විට මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ නියෝග මත වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති අතර පරයනාලන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment