එල්.ටී.ටී.ඊ. රැඳවියන් 8 කට ජනාධිපති සමාව

121

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වී සිර දඬුවම් ලැබ සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 8 කට ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල මත ජනාධිපති සමාව ලබා දී තිබේ.

ඒ අනුව ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින 4 ක් සිකුරාදා (21 දා) නිදහස් කර ඇති බව අතිරේක

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පවසයි. තවත් රැඳවියන් දෙදෙනකු පුනරුත්ථාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ද, තවත් දෙදෙනකු පුනරුත්ථාපන කටයුතු නිම වූ පසු නිදහස් කිරීමට නීතිපතිවරයා වෙතින් ලැබෙන උපදෙස් හා නියෝග අනුව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

චමින්ද සිල්වා
 


advertistmentadvertistment