ඒරාෂ්ටකයක් ක්‍රියාත්මක වන සංයුතිය

121

ඒරාෂ්ටක අපල කිව්වම සමහරු බියට පත් වෙති. සමහරු ගණන් නොගනිති. සමහරුන්ට වෙනදා නොතිබුණු ප්‍රශ්න කරදර අවුල් – වියවුල් – කැමති කිසිදෙයක් නිසියාකාරව හරිනොයති.

ලෙඩදුක්, හදිසි අනතුරු ඇතිවී මාස ගණන් මිනිසා අක්‍රිය කරයි. එක්කෝ මරණයට පත් කරයි. වඩාත් කුඩා දරුවන්ට සෙම් රෝග සාදමින් ඉවසිය නොහැකි අමාරුකම් ඇති කරයි. දරුවන්ට අධ්‍යාපන ශක්තිය හීන කරයි. ඒවා කෙරෙහි උදාසීනකම් ඇති කරයි. බොහෝවිට නිදිමත වර්ධනය කරයි. ඔවුන්ගේ අදහස් හා ආකල්ප විකෘති ලෙස වෙනස් කරයි. ඒ අනුව ළමා හා තරුණ අය ගෙදර දොර මව්පියන්, සහෝදර, සහෝදරියන් හා නිතර ආරවුල් ඇතිකර ගනිති.

බොහෝවිට තම මව සමග ආරවුල් තරහ ගති, වෛර ගති වැඩි කර ගනී. ඒනිසා ඒරාෂ්ටක අපල සහිත කෙනා පවුලේ අන් අයට එපා වන විධියට හැසිරීම් ඇති කරගනී. පිටස්තර අයට නම් සුබ වෙයි. විශේෂයෙන් මානසිකත්වයට ඒරාෂ්ටකය බලපායි. ළදරුවන්ට ඒරාෂ්ටක උදා වනවිට ඒ දරුවාගේ මවට අතිශයින් අමාරු දුක් සහිත කාලයක් වෙයි. ළමා හා තරුණ ඇතැම් අයට නොසිතූ පරිදි විවිධ බලවත් රෝගාබාධ සැලසී ඔහුටත් දෙමාපියන්ටත් වෛද්‍යවරු පසුපස යෑමටත් රෝහල් කරා යෑමටත් සිදුවී මානසික පීඩා වැඩි වේ. ඒ රෝගවලට දිව්‍යමය ඖෂධ දුන්නත් රෝග සුව නොවෙයි. වැඩිහිටි අයට ද එසේය. විශේෂයෙන් පාද ආශ්‍රිත රෝග ඇති කරයි.

මෙන්න මෙවැනි තත්ත්වයන් මිනිස් ජීවිතවලට උදා වනවිට අතිශය දුර්දාන්ත කාලයකි. ඒරාෂ්ටක පවතින කාලවල කිසිම සුබ වැඩ කටයුත්තක් ඇරඹීම ඉතාම අසුබය. විවාහ කටයුතු කිරීම ද ඉතාම අසුබය. මෙවන් තත්ත්වයන් “ඒරාෂ්ටක අපල කාල ලෙස හැඳින්වෙයි. මෙසේ වූ ඒරාෂ්ටක වර්ග හතරකි. කේන්ද්‍රයේ සඳු මතට සෙනසුරු ග්‍රහ චාරයන් පැමිණීම බලවත්ම ඒරාෂ්ටක වූ “ජන්ම ඒරාෂ්ටක” ලෙස හඳුන්වයි. කේන්ද්‍රයේ 08 වැනි කොටුවට සෙනසුරු ග්‍රහ චාරය පැමිණීම “අෂ්ටම ඒරාෂ්ටක”ය වෙයි. සෙනසුරු ලග්නයට පැමිණීම “ලග්න ඒරාෂ්ටක”ය වෙයි. කේන්ද්‍රයේ සඳු සිටින තැන 08 වැන්නේ ගමන් කිරීම “චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක”ය වෙයි. මෙම සියලු ඒරාෂ්ටකවල ප්‍රධානියා සෙනසුරුය. කවුද මේ සෙනසුරු?

සෙනසුරු යනු දෙවියෙක්, බඹෙක්, යක්ෂයෙක් නොවේ. ග්‍රහ ලෝකයකි. එය ග්‍රහ ලෝකයක් නම් අපට මෙලෙස කරන්නේ කෙසේ ද? එනම් මෙම ග්‍රහ ලෝකයෙන් විශ්වය වෙත ඇදී එන පරමාණුක ශක්තීන්වලිනි. විද්‍යඥයෝ සෙනසුරු ප්‍රමුඛ සියලු ග්‍රහ ලෝකවල පරමාණුක කිරණ මේ ලෝකය තුළින් බයෝ තාක්ෂණයෙන් පෙරා ගෙන ඒවා ඔවුන්ගේ ප්‍රඥාවෙන් විවිධ ක්‍රියාකාරකම්වලට යොදාගෙන ඇත. මේ “ඩිජිටල් තාක්ෂණය” බිහි කළේ ඒ අයුරිනි. මෙන්න මේ ග්‍රහ කිරණ විවිධ ලෙස අපේ සිරුරට සම්බන්ධ වන්නේ ස්වයංක්‍රීය ලෙසය. ග්‍රහයන්ගේ මහ දශාව – අතුරු දශාව – ඒරාෂ්ටක යනුවෙන් සකස් වන්නේ “හේතුඵල දහම අනුවය. එනම් පෙර පව්පින් අනුවය. මේ පෙර පව්පින් තැන්පත්ව පවතින්නේ මිනිසාගේ සිත නමැති නාම ධර්මයේ ඇති සූක්ෂම කොටස වූ “මනෝ විඤ්ඤාණය” තුළ බව අභිධර්මයේ සඳහන් වේ. මෙසේ එහි තැම්පත් පව් සක්‍රීය කිරීම සෙනසුරුගේ පරමාණුක කිරණවල ස්වභාවයයි. කේන්ද්‍රයේ සෙනසුරු සුබව පිහිටා ඇතිවිට 19 වසරක් වූ ඔහුගේ දශා කාලය තුළ සුබ ඵල උදා කරයි. සෙසු ග්‍රහයන්ගේ අතුරු දශාවලදී පව් නිවේදනය කරන ග්‍රහයන්ගේ අතුරු දශාවල අසුබ ඇති කරයි. මේ සියලු ඒරාෂ්ටක කාලවලදී තමන් පෙර කර ගත් පව්වල ප්‍රතිවිපාක සෙනසුරුගේ පරමාණුක ශක්ති මගින් සක්‍රීය කරයි.

ඇඟට ඇතුළු වන සෙනසුරුගේ පරමාණුක කිරණ මනෝ විඤ්ඤාණය දක්වා ගමන් කර ඒවා සක්‍රීය කරයි. එසේ කිරීමේ දී තම ආකල්ප හා අදහස් විකෘති ස්වභාවයක් ගන්නා බව තමන් දන්නේ නැත. එතරම් සියුම් ක්‍රියාත්මක වීමකි. ඒනිසා ඒ දේවල්වල සියුම් වෙනස දැනෙන්නේ ගෙදර දොර නිතර ඇසුරු කරන අයටය. ඒරාෂ්ටක අපල යන්නෙහි ක්‍රියාත්මක තත්ත්වය එසේ වෙයි.

ප්‍රශ්න,කරදර,අවුල්,වියවුල් ආදිය ඇති වන්නේ මේ මනේ විඤ්ඤාණයේ තැම්පත්ව ඇති පව්වල ස්වභාවය අනුවය. ලෙඩ දුක් හදිසි අනතුරු මරණයට පත්වීම් ආදී දේවල් සක්‍රීය වන්නේ ඒ පවේ ස්වභාවය අනුවය. සිතුවිලි හැඟීම් ආකල්ප සියුම් විකෘත්ති භාවයකට පත්වන්නේත් ඒ පවේ ස්වභාවයකට පත් වන්නේත් තමන් අකමැති නමුත් අන් අයගේ විරුද්ධත්වය ලැබී පීඩා වන්නේත් ඒ පවේ ස්වභාවය අනුව විපාක දීම් වශයෙනි.

මෙය හේතුඵල ධර්ම යයි. පෘථග්ජන අපට මේ හේතුඵල දහම පෙන්වන්නේ මේ ජ්‍යොතිෂයයි. මෙසේ සිදු වන ඒරාෂ්ටකවලින් මිදී සිටිය හැක. එය සිදුවන්නේ කෙසේ දැයි ජ්‍යොතිෂ ඍෂිවරු පවසා තිබේ. ඒ කර පලඳින දින යන්ත්‍ර මගිනි. ශනි මෘතුංගය – විෂ්ණු ආගෝරය වැනි යන්ත්‍ර පැලඳීමෙන් බව පවසා ඇත. ඒවා සකස් කර ගතයුතු සේම ජීවම් කළ යුතු ආකාර ද දක්වා තිබේ. කිරණයක් මෙල්ල කරන්නේ කිරණයක් මගිනි. ඒනිසා එසේ නිවැරදිව සකස් කරගත් යන්ත්‍ර පැලඳීමෙන් පසු ඒ යන්ත්‍රයෙන් නිකුත්වන කිරණ තුළින් සෙනසුරුගේ කිරණ ඇඟට ඇතුළු නොවී ඉවතට විසි වෙයි.

අපගේ අත්දැකීම් අනුව ඒ සඳහා සුදුසුම යන්ත්‍රය බුදුගුණ යන්ත්‍රයයි. අකීකරු දෙවියන්,බඹුන්, රාක්ෂයන්, මිනිසුන් උත්තරීතර ලෙස දමනය කළේ බුදුන් වහන්සේය. එබැවින් උන්වහන්සේ “අනුත්තරෝ පුරිස ධම්ම සාරථී” නම් වන සේක. කෙනෙක් ශ්‍රද්ධාව,ශීලය,ධර්මාවබෝධය,දන්දීම විදර්ශනා භාවනාව කර තම සිත අති බලවත් කර එම යන්ත්‍රය සකස් කරනවිට එම ශබ්ද තරංගයත් චිත්ත තරංගයත් මගින් සෙනසුරුගේ කිරණ ඇඟට ඇතුළු වීම වළක්වා ඉවතට විසිකර දමයි. එමගින් මෙම ඒරාෂ්ටක අපල දුරුකර ගතහැක. සමස්තයක් ලෙස ගත් කල මෙම ඒරාෂ්ටක අපල යනු තමා පෙර කර ගත් තද බල අකුසල් හෙවත් අයහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකයි.

එසේම සමහර අයට ඒරාෂ්ටකවල එවැනි තත්ත්වයන් දක්නට නැත. එසේ වන්නේ ඔහු තුළ තදබල අකුසල් සිදුවී නැතිකමය. නැතිනම් තදබල අයහපත් ක්‍රියා සිදු නොකළ නිසාය. මේ අනුව අපි පොදු වශයෙන් මේ මේ අපල පැමිණෙන බව කීවත්, ඒවා සකස් වන්නේ තමන් කළ කී දේ අනුවය. ඇතැම්විට එවැනි තදබල පාප නැති අය ඒරාෂ්ටක සම්බන්ධ මේ මේ දේවල් සිදුවිය හැකියි කියා අපි කීවත් ඔහුට තද පව් බල නැති නිසා එවැනි දේවල් සිදු නොවුණ නිසා විශ්වාස නොකර ජ්‍යොතිෂය බොරුවක් කියා සැක කිරීමට පුළුවන. එසේ වන්නේ ඒ පුද්ගලයාගේ නොදන්නාකමටය.

තමන් කරන හොඳ දේ හෝ නරක දේවල් ස්ථිරවම විපාක දීම පිණිස තමා කරා පැමිණේ. දාන මානා දී සාමාන්‍ය මිනිසුන් උදෙසාත් සිදු කිරීමෙන් උපදින හේතුඵලය අනුව තමාගේ දියුණුව උසස් වී යයි. ආරම්භ කරන ව්‍යාපාර ඉහළට දියුණු වෙයි. කරන රැකියා ඵල උසස් තත්ත්වට පත්වේ. එම ක්‍රියාකාරකම්වල අනෙක් පැත්ත පවට හේතු වෙයි. මේ අභිධර්මය පහදා දුන් හේතු ඵල දහම ඔබේ කේන්ද්‍රයේ කොටු 12 තුළ තැම්පත්ව පවතී. මේ ග්‍රහ කිරණ වූ පරමාණුක ශක්තීන්වලින් තනා ඇති පරිගණකයත්, ස්මාර්ට් ෆෝන් එකත් විශ්මිත ක්‍රියාකාරීත්වය කොපමණ දැක්කත් මේවා පිළිබඳ නොදන්නා අවිඤ්ඤාණික මිනිසුන් මේ කියූ දේවල් විශ්වාස නොකරනු ඇත. එය මෙම පෘථග්ජන ලෝකයේ ස්වභාවයයි.

ඒරාෂ්ටකයක් ක්‍රියාත්මක වන සංයුතිය

ජ්‍යොතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය
අසල අගලවත්ත
077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment