ඒ ආරංචිය බොරුවක්, සිංගල් දරුවෝ අම්මගේ අදහසක් -අංජලී රාජ්කුමාර්

335

අංජලී රාජ්කුමාර් ඔබ හඳුනනවද?’ ඇය ගායන ශිල්පිනි කේ’ සුජීවාගේ වැඩිමහල් දියණිය’ පසුගිය කාලයේ ඉන්දියාවේ ජීවත් වූ අංජලී ලංකාවට ඇවිත් කරපු අලුත්ම නිර්මාණය තමයි ‘සිංගල් දරුවෝ’’ ඒ වගේම ඇය තවත් වැඩකට සම්බන්ධ වුණාලු’ අපි මේ විස්තර අංජලීගෙන්ම අහමු.

● අංජලී ඔබේ අලුත්ම ගීතය ‘සිංගල් දරුවෝ’ එළිදැක්වුණා?

ඔව්” මේ ගීතය එළිදැක්වුණේ තනිකඩ අය වෙනුවෙන්’ ආදර ගීත වගේම විරහ ගීතත් තියෙනවා’ ඒ අතරට ආපු අලුත්ම වෙනස තමයි මේ’ අද වන විට මේ ගීතය ටේ‍රන්ඩින් ටෙන් අතර තියෙනවා.

ඒ ආරංචිය බොරුවක්, සිංගල් දරුවෝ අම්මගේ අදහසක් -අංජලී රාජ්කුමාර්

● ‘සිංගල් දරුවෝ’ කාගෙ අදහසක්ද?

ඇත්තටම මේක මගේ අම්මගෙ අදහසක්’ මොකද මම සිංදුවක් හදන්න සූදානම් වෙනකොට අම්ම කිව්ව ඔයාට ගැළපෙන අදහසක් ගැන ගීතයක් කරන්න කියල’ ඒ වගේම එයා අදහසක් දුන්න සිංගල් ගැන නැත්නම් රථගාය (වාහන) ගැන ගීතයක් කරන්න කියල’ ඒ අතරින් මම තෝරාගත්තෙ තනිකඩ කියන මාතෘකාව.

● කොහොමද ප්‍රතිචාර?

ගොඩාක් දෙනකුගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. එයාල කිව්වෙ මේ ගීතය අහද්දි ඒ තුළ තියෙන දේ සමග එයාලගෙ අත්දැකීම් අනුව එකඟ වෙන්න පුළුවන් කියල’ ඒ කියන්නෙ” අනේ මටත් මේ දේ වෙලා තියෙනවනෙ” මමත් ඔහොමයි වගේ දේවල්.

ඒ ආරංචිය බොරුවක්, සිංගල් දරුවෝ අම්මගේ අදහසක් -අංජලී රාජ්කුමාර්

● සංගීත වැඩකටයුතු?

මේ ගීතය එළිදක්වන්න හිටියෙ මාර්තු මාසයේ’ නමුත් ඒක ටිකක් ප්‍රමාද වුණා.දැන් ඒ වැඩකටයුතු ඉවර නිසා ටිකක් නිදහසේ ඉන්නව’ තව ටික දවසකින් වෙනස්ම මාතෘකාවක් යටතේ අලුත් දෙයක් කරන්න අදහසක් තියෙනව.

● අම්මගෙන් ලැබෙන සහයෝගය?

ගීතයක පිච් එකේ ඉඳන් ස්කේල් එක දක්වා අපේ අම්ම අපිව හොඳින් දැනුවත් කරනව’ මටත් මගේ නංගිටත් සිංදු තෝරලා දෙන්නෙත් අම්ම.මේ දේවල් එක්ක ඇයගෙන් ලබෙන සහයෝගය උපරිමයි.

●තිදෙනා එකතුවෙන් ගීතයක් කළොත්?

ඇත්තටම අපි තුන්දෙනාගෙ එකතුවෙන් ගීතයක් කරන්න අදහසක් තිබුණ.ඉදිරියේදී බලමු.

● මවගේ ගීත රී මේක් කරන්න අදහසක් තියෙනවද?

අපේ අනන්‍යතාවන් එකිනෙකට වෙනස්නෙ. මටත් මගේ නංගිටත් අම්මටත් එහෙමයි’ ඒ නිසා අම්මගේ ගීත රී මේක් කරන්න නම් අදහසක් නැහැ.නමුත් අම්මගේ ‘ඉඟිමරන’ සිංදුවට කවර් එකක් කළා’ ඒ වගේම අදටත් මට ආරාධනයක් ලැබුණම අමම්ගෙ සිංදු තමයි කියන්නෙ.නමුත් ඒවා අයිතිකරගන්න අපිට බැහැ.

● ප්‍රසංග වේදිකාව?

අප්‍රියෙල් මාසයේ නම් ගොඩක් වැඩ තිබුණ.නමුත් රටේ පවතින තත්ත්වයත් එක්ක මේ වෙනකොට බොහොමයක් ප්‍රසංග නැවතිලා තියෙන්නෙ.

● රංගනයට ලැබෙන ආරාධනා?

මම ‘බීටීඑස්’ කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා.ඒක ඉදිරියේදී මගේ රසිකයන්ට දැකබලාගන්න පුළුවන් වේවි.

● කොහොමද ඒ ආරාධනය ලැබෙන්නෙ?

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වෙන්නෙ සංජය නිර්මාල් අයියා’ දිනිති වල්ගමගේ” දෙව්නක පෝරගේ” සංගීත් සතරසිංහ” රිද්ම වැනි රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වෙනව.මෙතනදි මියුසික් ෆීල්ඩ් එකෙනුත් කෙනෙක් යොදාගමු කියන යෝජනාව ඇවිත් තියෙනව.ඒ අනුව තමයි මම සම්බන්ධ වෙන්නෙ.

● ‘බීටීඑස්’ හි ඔබේ චරිතය?

මුලදි මගේ චරිතය දකින කෙනකුට තරහක් ඇතිවෙන්න පුළුවන්’ නමුත් මේක ධනාත්මක චරිතයක්.

● ගායනය සහ රංගනය අතර වෙනස?

ඇත්තටම මොනව කළත් සිංදුවක් කියන්නෙ විනාඩි තුනයි’ ඒත් රඟපෑම උදේ පටන්ගත්තාම හවස් වෙනකන් එක දිගටම යනව’ ඒක හරිම අමාරුයි’ මට අලුත් අත්දැකීමක් නිසා වෙන්නත් ඇති’ කොහොම වුණත් නිර්මාණය වෙනුවෙන් මගේ උපරිම සහයෝගය ලබාදෙනව.

ඒ ආරංචිය බොරුවක්, සිංගල් දරුවෝ අම්මගේ අදහසක් -අංජලී රාජ්කුමාර්

● මේ ඔබ බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක්ද?

ඇත්තටම කිව්වොත් මම ඉන්දියාවෙන් එද්දි සාමාන්‍ය පුද්ගලයෙක්’ සාමාන්‍ය ජීවිතයකට පුරුදු වෙලා හිටියෙ.ලංකාවට ඇවිත් මමයි නංගියි කරපු මෑෂප් එකෙන් තමයි මිනිස්සු මාව හඳුනාගත්තෙ.රසිකයන්ගෙන් ආදරය ලැබෙද්දි ලොකු සතුටක් දැනෙනව’ ඒත් සමහර වෙලාවට හිතෙනව අනේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තිබුණ නම් කොච්චර හොඳද කියල. මොකද මගේ වයසෙ අනෙක් අය කරන දේවල් මට කරන්න පුළුවන්කමක් නැහැ.අම්මගෙ නමත් එක්ක හැදුන ජනප්‍රියත්වයත් නිසා ගොඩක් පරිස්සම් වෙන්න සිද්ධ වෙලා.

● අංජලී අම්මගෙ නම කැත කරන්න සූදානම් නැහැ?

අම්මෝ නැහැ.මං පුළුවන් තරම් පරිස්සම් වෙනව. ඒක මගේ ලොකු වගකීමක්’ එහෙම වෙනකොට ජනප්‍රියත්වය කියන්නෙ සමහර වෙලාවට ඇණයක්.

● ඉන්දියාවේ හිටියනම් මීට වඩා හොඳයි කියල හිතෙනවද?

එහෙම හිතෙන්නෙ නැහැ.ඒ වගේම නැවත ඉන්දියාවට යන්න අදහසකුත් නැහැ.මොකද මිනිස්සු හිතන පතන විදිහ අතින් ගත්තත් ලංකාවයි ඉන්දියාවයි අතර ලොකු වෙනසක් නැහැ.ඒ නිසා ලංකාවේ ඉන්න ගමන් දියුණු වෙන්න මගක් හොයාගන්නව.

● ඔබත් බුදුදහමට යොමුවෙනවද?

මට එක ආගමක් කියල විශේෂයක් නැහැ. හැම ආගමක්ම මට එක වගේ’ අපි කවුරුත් මරණින් පස්සෙ යන්නෙ එකම තැනකට හරි වුණත් වැරදි වුණත් ඒ මම දකින විදිහ.

● අංජලී පෙම්වතියක්?

ඔව්” එහෙම දෙයක් මටත් ආරංචියි. ඒක බොරුවක්’ මේ ළඟකදි මගෙන් කෙනෙක් අහනව ඔයාගෙ මෙහෙම සම්බන්ධයක් තියෙනවද කියල.මම ඒ කියන කෙනාව දන්නෙත් නැහැ’ ඒ වගේ මම නොදන්න ගොඩක් අයට මම දැන් පෙම්වතිය වෙලා.

මහෙෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment