ඔබට හිමි වාහනය හඳහනේ ලියා තිබේ

1743

වාහනයක් හිමිකර ගැනීම කවරෙකුගේ වුවද සිත තුළ පවතින තදබල අපේක්ෂාවකි. වාහනයක හිමිකම ඔබට ඇත්දැයි විමසා බැලීමේදී කේන්ද්‍රයේ 4 වැන්න හා සිකුරු ග‍්‍රහයාගේ පිහිටීිම සැලකිල්ලට ගත යුතුය. කේන්ද්‍රයක 4 වැන්නාධිපති ග‍්‍රහයා ගුරු සමඟ ලග්නයේ පිහිටා ඇත්නම් එබඳු අයෙකුට වාහන හිමිකම ඇත. සිකුරු ග‍්‍රහයා 4 වැන්නේ පිහිටීමද වාහන හිමිකම ලබාදෙන යෝගයකි. 4 වැන්නාධිපති ග‍්‍රහයා 11 වැන්නේ සිටියදී ගුරු 3 හෝ 7 පිහිටීමද වාහනයක හිමිකමට හේතුවේ.

4 වැන්නාධිපති හා 11 වැන්නාධිපති ග‍්‍රහයින් ඔවුනොවුන්ගේ රාශි මාරු කරගෙන සිටීමද, 4 වැන්නාධිපති හා 11 වැන්නාධිපති ග‍්‍රහයින් එක්ව 1, 2, 4, 9, 10, 11 යන භාවයක තැන්පත්ව සිටීමද වාහන හිමිකම ලබා දෙන පිහිටීම්ය.

ඔබට හිමි වාහනය හඳහනේ ලියා තිබේ

9 වැන්නාධිපතියා ගුරු හා සිකුරු සමඟ එක්ව 4, 9, 11 යන භාවයක පිහිටීමද වාහන හිමිකම ලබා දෙන යෝගයකි. ගුරු හා සිකුරු 4 අධිපතියා සමග එක්ව කේන්ද්‍රස්ථානයක හෝ ත‍්‍රිකෝණස්ථානයක තැන්පත්වීම ද ගුරු 4 වැන්නේ සිටියදී 4 වැන්නාධිපති 10 වැන්නේ තැන්පත්වීමද 4 වැන්නාධිපතියා 9 හෝ 11 යෙදී 11 වැන්නාධිපති 4 වැන්නේ වීමද 4 වැන්නාධිපති 11 වැන්නේ සිටියදී ගුරු 3 හෝ 7 තැන්පත්වීමද 4 අධිපති 4 ම තැන්පත්වීමද ලග්නාධිපති 4, 9, 11 යන භාවයක පිහිටීමද වාහනයක උරුමය ලබා දෙයි.

ගුරු 4 වැන්නේ සිටියදි 4 අධිපති 10 තැන්පත්වීමද සඳුගෙන් 7 වැන්නේ සිකුරු පිහිටීමද 4 වැන්නාධිපතියා උච්ච වී එම උච්ච රාශියට අධිපති ග‍්‍රහයා කේන්ද්‍රස්ථානයක හෝ ත‍්‍රිකෝණස්ථානයක යෙදීමද වාහනයක හිමිකම ලබාදෙන පිහිටීම් වේ. මෙම පිහිටීම ඔබේ කේන්ද්‍රයේ ඇත්දැයි හඳුනා ගැනීමට පහත සටහන උපයෝගි කර ගන්න.

ඔබට හිමි වාහනය හඳහනේ ලියා තිබේ

ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක
ආචාර්ය කපිල ඉන්දික ගුණදාස
මාලිබොඩ, දැරණියගල.

advertistmentadvertistment
advertistmentadvertistment