ඔලිම්පික් ඊ ස්පෝර්ට්ස් සමාරම්භක උළෙලට ශ්‍රී ලංකාවෙන් බ්‍රයන්

107

මෙම මස 22 සිට 25 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන සමාරම්භක ඔලිම්පික් ඊ ස්පෝර්ට්ස් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් නියෝජනය කරමින් බ්‍රයන් පෙරේරා එහි අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිතය.

මේ සඳහා සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඊ ස්පෝර්ට්ස් තරගාවලියේ මෝටර් රථ ක්‍රීඩා අංශය යටතේ තරග වදිනු ඇත. මෙම තරගාවලිය සඳහා ලෝකයේ 160,000කට අධික තරගකරුවන් පිරිසක් අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී ඇති අතර සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් රියදුරු පෙළේ වේගවත්ම ධාවකයා බ්‍රයන් ඒ සඳහා සුදුසුකම් ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment