ගාසා තීරය ආධාරවලින් පුරවනවා – ඊශ්‍රායල හමුදාව

830

ගාසා තීරය ආධාරවලින් පිරවීමට උත්සාහ දරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව විසින් නිවේදනය කර තිබේ. මානුෂීය ආධාර හිඟ වීමත් සමගම ගාසා තීරයේ වැසියන් මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය වෙත ජාත්‍යන්තර මට්ටමින් එල්ල වෙමින් පවතින පීඩනය මධ්‍යයේ ඊශ්‍රායල හමුදාව විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු ගාසා තීරය දක්වා අලුතින් ගොඩබිම් මාර්ගයක් විවෘත කිරීමෙන් පසු ගාසා ආධාර රැගෙන පැමිණෙන රථ වැඩි සංඛ්‍යාවකට ආධාර දීම සඳහා සහය වීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල හමුදාවේ රියාර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසා තිබේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව හා හමාස් සංවිධානය අතර සටන් ඇවිළීමෙන් පසු ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරය දැඩි සාගතයකට මුහුණ පෑමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment