පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 52ක් මරුට

243

නිරිතදිග පාකිස්තානයේ පිහිටි බලුකිස්තාන් ප්‍රාන්තයේ ඉස්ලාමීය පල්ලියක ඊයේ (29 දා) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 52 දෙනෙකු පමණ මියගොස් තවත් 50 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉස්ලාමීය බැතිමතුන් විශාල පිරිසක් ඊයේ දිනයේ මහම්මත් තුමාගේ ජන්ම දිනය සැමරීම සඳහා මස්ටුන් නගරයේ පිහිටි පල්ලියක පැවැති ආගමික වතාවත්වලට සහභාගී වෙමින් සිටියදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ. ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිත පකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් අන්තවාදී කණ්ඩායම් විසින් මෙම බෝම්බ පිපිරීම් සිදු කරන බව වාර්තා වී තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම ඊයේ සවස වන විට ද කිසිවකු විසින් භාරගෙන නොතිබුණු අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ඉස්ලාම් පල්ලිය අසල නවතා තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ මෝටර් රථය ආසන්නයේ සිට බෝම්බය පුපුරවාගෙන ඇති බව වාර්තා වේ. පකිස්තානයේ සිට ක්‍රියාත්මක වන පකිස්තාන් තලිබාන් සංවිධානය මෙම ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව නිවේදනය කර තිබේ. බලුකිස්ථාන් ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තයේ හදිසි නීතිය පනවා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment