පොහොට්ටු ආණ්ඩුව වැනසූ දේශය ගොඩනැඟීමට සජබ සූදානම් – විපක්‍ෂ නායක සජිත් කියයි

97

ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් වැනසූ දේශය යළි ගොඩනැඟීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11දා) පැවසීය.

රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බව ඒ මහතා කීය.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැඟීමට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment