2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කර ගැනීම වෙනුවෙන් 58 දෙනෙකුගෙන් යුත් ඉහළ කාර්යසාධන ක්‍රීඩක සංචිතයක් නම් කර ඇත.
ඒ අතරින් 33 දෙනෙක් ඔලිම්පික් උළෙල සඳහා ද තවත් 25 දෙනෙක් පැරාලිම්පික් සඳහා ද වෙති.
ඔලිම්පික් උළෙල ලබන ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත අතර පැරාලිම්පික් උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් මස 08 දක්වා පැවැත්වීමට නියමිත වේ.
ක්‍රීඩා ඉසව් 15ක් ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම ක්‍රීඩක සංචිතය නම් කර ඇත.
මෙම සංචිත සඳහා පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම් ලාභී ධාවන ශූර යුපුන් අබේකෝන්, ආසියානු පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න, නදීශා ලේකම්ගේ, නදීශා රාමනායක මෙන්ම පැරා ක්‍රීඩකයින් ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ප්රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ඇතුළත් වෙති.
එම සංචිත මෙසේය.
පැරිස් ඔලිම්පික් උළෙල සඳහා
මලල ක්‍රීඩා – යුපුන් අබේකෝන්, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, පබසර නිකූ, පසිඳු කොඩිකාර, එච්.වී.ඩී. දේශාන්, ආර්. නදීශා, තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබේරත්න, දිල්හානි ලේකම්ගේ, ජේ.එච්. උත්තරා, හර්ෂනී ප්‍රනාන්දු, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, වයි.එම්.සී. යෝධසිංහ, සාරංගි ද සිල්වා, රන්දි කුරේ, ජේ.අයි. ලක්විජය, රුමේෂිකා රත්නායක
බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ
බොක්සිං – උමයංග මිහිරාන්, රුක්මාල් ප්‍රසන්න
ස්ප්රින්බෝඩ් – දුලාංජන ප්‍රනාන්දු
ජිම්නාස්ටික් – නදිලා නෙත්විරු, මිල්කා ගිහානි
ජූඩෝ – ආර්.සී.එන්. ධර්මවර්ධන
වෙඩි තැබීම – අමන්දිකා අමරසිංහ, ගවින් ජයසේකර
ස්කොෂ් – රවිඳු ලක්සිරි
පිහිනුම් – අකලංක පීරිස්
බර ඉසිලීම – වයි.ඩී.අයි. කුමාර, ඩී.එම්.අයි.සී. දිසානායක
මල්ලවපොර – අහිංසා ප්‍රනාන්දු
පැරාලිම්පික් උළෙල සඳහා
මලල ක්‍රීඩා – ප්‍රියන්ත හේරත්, සමිත දුලාන්, මධුරංග සුබසිංහ, ප්‍රදීප් සෝමසිරි, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, අනිල් ප්‍රසන්න, බුද්ධික ඉන්ද්‍රපාල, දනනි ධනංජනා, අමිල ප්‍රසාන්, දේශාන් සිල්වා, හේෂාන් ප්‍රනාන්දු
වෙඩි තැබීම – යූ.ජී.එස්. කුමාර, නෙරංජලා රණසිංහ, කැලුම් සූරියකුමාර
දුනු විදීම – සම්පත් බණ්ඩාර, ඩබ්.අයි.ජේ.එන්. වීරතුංග
බැඩ්මින්ටන් – සුජීව පෙරේරා
ඔරු පැදීම – ප්‍රියමාල් ජයකොඩි
පිහිනුම් – ගලීනා බස්නායක, නවීඩ් රෂීන්
ටෙනිස් – ඩී. එස්. ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක
මේස පන්දු – ඩී.ඩී. සිල්වා
කුෂාන් සුබසිංහ