විදෙස්ගතව සිට එන අයට අද සිට කොවිඩ් නීති අඩුවේ

223


විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද සිට ලිහිල් කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන පීසීආර් පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වේ.
එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment