කහතුඩුව ගින්නෙන් අඹු සැමි යුවලක් මරුට

242

කහතුඩුව මාගම්මන ප්‍රදේශයේදී නිවසක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නකින් පිලිස්සුම් අඹුසැමි යුවළක් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් ජීවිතක්ෂයට පත්ව ඇත. එම ගින්නෙන් දරුවන් දෙනෙක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ 41 හැවිරිදි පියා සහ 38 හැවිරිදි මවය. ගින්නෙන් තුවාල ලැබූ 18 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි සිව්හැවිරිදි අනෙක් දැරියෝ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment