චීනය ටිබෙටයේ බෞද්ධ අනන්‍යතාවය විනාශකරන බවට චෝදනා

170


චීනය ටිබෙට් දේශයේ බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරීම සඳහා කටයුතු කරන බව ටිබෙටයේ බෞද්ධ විශාරද සහ ආචාර්ය ලින් රින්පොච් ශ‍්‍රී ලංකාවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.චීනය ටිබෙට් ජනතාවට එරෙහිව වසර දහයක පමණ කාලයක සිට අමානුෂික සහ තිරිසන් ලෙස හිංසා කරන බවත් ටිබෙටයේ බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරීමට ඓතිහාසික වශයෙන් වැදගත් ආරාම සහ බුද්ධ ප‍්‍රතිමා විනාශ කර ඇති බවත් කීවේය.එහිදී දලයිලාමාතුමාගේ මාලිගය ඇතුළු ආරාම පන්දහසක් පමණ විනාශකර ඇති බවත් දැනට ඉතිරිව ඇත්තේ පහක් බවත් ලින් රින්පොච් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.චීන හමුදාව දහස් ගණනින් ගොවීන් සාමාන්‍ය වැසියන් මරා දමමින් ටිබෙට් ජනතාව ක‍්‍රමාණුකූලව අඩුකර දැමීමට පියවර ගන්නා බවද චෝදනා කළේය. ඉන්දියාව දලයිලාමාතුමා ඇතුළු අනුගාමිකයින් අසූ දහසකට දේශපාලන රැුකවරන ලබාදුන් බවද මෙහිදී සිහිපත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment