පාතාල සාමාජික නීලක පොලිස් වෙඩිකා නසී

341


පරිවාස භාරයට පත් කිරීමට සිටි තම දරුවා පැහැරගෙන ගිය ඉලිබේ රන්ජිගේ පුතා නොහොත් නීලක”‍ නැමැත්තා පොලිසය සමග ඇතිවූ වෙඩි හුවමාරුවක් අද දහවල් මරුමුවට පත්ව ඇත.මොහු ඊයේ සිය නැන්දා ගේ නිවසට ටි 56 ගිනි අවියක් රැුගෙන කඩා වැදී ු අහසට වෙඩිතබා නිවස තුළ සිටි දරුවා පැහැරගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.

මිනීමැරුම් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නිලක නැමැත්තා නීලක නැමැත්තා රිමාන්ඞ් භාරයේ සිටියදී බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් මීට සතියකට පමණ ඉහත දී බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බව ද පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment