කළු කුමාර දෝෂය

109

පෙරේත, භූත, පිශාච, කුම්භාණ්ඩ යනාදි අමනුෂ්‍යයන් සක්‍රීය වන්නේ සූර්යයා අවරට යෑමත් සමඟය. ලඳු, කැලෑ, ගොම්මන් සොහොන්, පර්වත යනාදී පාළු ස්ථානවලින් නොපෙනෙන වේශයෙන් පාවෙමින් එහා මෙහා යමින් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර හැසිරෙතැයි විශ්වාසයක් පවතී. දහවල් කාලයේ මධ්‍යහ්න 12.00ට ද රාත්‍රියේ රෑ 12.00ට ද පාළු ඇළ, දොළ, ගංගා, දියකඩිති, ළිං, පොකුණු, තුන්මංහන්දි, ගොම්මන් යනාදියෙන් හිඳ එති. එම ස්ථාන කරා එන්නා වුන්ට වින කරති. නව යොවුන් වියට එළැඹි මල්වර යුවතියන් හවස් ජාමයේ තනි පංගලමේ ගෙදරින් පිට යෑම ආදිය නිසා කළු කුමාර දෝෂය ළඟා විය හැක. කළු කුමාර යනු යක්ෂයෙකි.

යුවතියන්ට නිදියහනේදී සිහිනයක් මඟින් මුණගැසේ. කළු පැහැතිය, කඩවසම්ය. යුවතියන් දන්නා හඳුනන හිතවතුන්ගේ වේශයෙන් මෙන්ම සුනඛ වෙස් ගෙන ද ඇතැම් විට පැමිණේ.

මීට භූත විද්‍යාවේ කළු කුමාර දෝෂය යැයි පැවසේ. තරුණියන්ගේ සයනට හීනෙන් එන කළු කුමාරයා එම තරුණිය සමඟ හිරු උදාවන තුරු ලිංගිකව හැසිරේ. සතියට දින එකක් දෙකක් සිහිනෙන් පැමිණ සංවාසයේ යෙදන බවත් සිහිනෙන් ලබන මෙම ලිංගික ආශ්වාදයට යුවතියන් ප්‍රියතාවක් දක්වන බවත් නොරහසකි. සවස් කාලයේ දිගු වරලස කඩා මුදාහැර සුවඳ විලවුන් ඉස හ`ිදිනා යුවතියන්ට කළු කුමාර දිෂ්ටිය යොමුවේ. ඔසප් රුධිරයට ඔහු අකැමැතිය. එවන් කාලවලදී ඔසප් චක්‍රය අක්‍රමවත් කර ඔසප් දෝෂ ඇති කරවයි. යටිබඩ කැක්කුම්, ඇඟ පතෙයි රුදා වේදනා, දැවිලි, පිච්චිලි ගතිය, ආහාර අරුචිය, නින්ද නොයෑම, අලස බව ඇති කරවයි. නිතර කෝපය ඇති කරවයි. ගැබිනියක් නම් ගබ්සා ඇති වේ. අවලක්ෂණ මන්ද මානසික විකෘතිතා සහිත දරුඵල ඇති වේ. මල්වර යුවතියන්ට, ගර්භණී කතුන්ට, බිලිඳියන්ට කේන්දරයේ සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයේ කළු කුමාර දෝෂය බලපානු ලබයි.

තද ගති ඇති, චණ්ඩ, පරුෂ, රෞද්‍ර ගති පැවතුම් ඇති ගැබිනියන්ට කළු කුමාර බැල්ම විශේෂයෙන් බලපානු ලබයි. විවාහක යුවතියන්ට කළු කුමාර දෝෂය ඇත්නම් දරුඵල හීනවීම, වඳභාවයට පත් වේ. ගර්භාශගත රෝග ඇති වීම විශේෂයෙන් බලපානු ඇත. කළු කුමාර දෝෂය පවතින විට විවාහ ජීවිතය බිඳ වැටේ. අසාර්ථකය. ස්වාමියාට තම භාර්යාව අවලස්සන, නොරුස්සුම් සහගත පෙනීමත් ඇය කෙරෙහි ලිංගිකව එක්වීමට ආශාවක් ඇති නොවීමත් සිදුවේ. භාර්යාවට ස්වාමියා පෙනෙන්නට බැරිය. නිතරම ස්වාමියාගේ වැරදි පෙනෙනවා. තම ස්වාමියා පිළිකුලින් යුතුව බැහැර කරයි.

අවිවාහක යුවතියක් නම් විවාහය ප්‍රමාද වේ. විවිධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය අඩු වේ. නින්දෙන් දඟලයි. අනුරාගී කෙඳිරිලි නඟයි. නින්ද නොයයි. ඇඟපත දැවිලි, පිච්චිලි, රුද්‍ර වේදනා ගෙනදේ. වෙහෙස කර බවක් දැනේ. අලසය. ශරීරය අප්‍රාණික කරයි. වරින්වර ලෙඩ රෝග මතු කරයි. මෙම කාලයේ කොතෙක් බෙහෙත් කළත් අහන්නේ නැත.

යටිබඩ, කලවා, කොන්ද, තුනටිය, යෝනි ආදී ලිංගික රහස් ප්‍රදේශයන් විලිරුදා වේදනා හට ගනී. දුගඳින් පිටවේ. ඇට මිඳුළු හන්දිපත් වේදනා ඇති වේ. විවාහ යෝජනා බිඳවැටේ. ක්ෂණික කෝපය, ලේ ධාතුව දුර්වල වී ශරීරය අප්‍රාණික කරයි. අධ්‍යාපනය ලබන දැරියන්ට නිදිමත ගතිය, කම්මැළි ගතිය මතු කරයි. අනුරාගී හැඟීම්වලට වහල් වේ. මෙම කළු කුමාර දෝෂයට නිසි ප්‍රතිකාර කළ යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාවේ කෙතරම් ප්‍රතිකාර කළත් සුව කළ නොහැක. කළු කුමාර දෝෂය සඳහා සිංහල බෞද්ධ ඇඳුරන් මෙන්ම

පැරැන්නන් අනුගමනය කළ විධි කෙම් ක්‍රම රාශියෙන් මෙය ගුප්ත විද්‍යාවකි. කෙටි ක්‍රමයක් ලෙස පිරිමි වස්ත්‍ර ඇඟ දවටා ගැනීම, යකිනාරං කොළවලින් සෑදූ වැලක් ඉණ වටා බැඳීමය. මා ඔබට තව කරුණක් පැහැදිලි කරන්නම්.

මෙය ඔබ ඉවත් කිරීමට දෙවොලකට යනවානම් තම දරුවා සමඟ රැඳී සිටින්න. මන්ද සමහර ඇදුරන් තරුණ ගැහැනු දරුවන් තනිකර අයුතු ප්‍රයෝජන ගැනීමට යන බැවිනි. මෙය ඉවත් කිරීමට තනි කිරීමක් සිදුවිය විය යුතු නැති බැවින් විවාහක කාන්තාවන්ට ද මෙය පොදු කරුණකි. මා ළඟට පැමිණ සමහර දරුවන්ට හා විවාහක කාන්තාවන්ට මෙවැනි හිංසාවන් සිදුවී ඇති බැවින් ඔබ ද දැනුවත් වී සිටින්න. මෙය ඉවත් කිරීමට තොවිල් මඟින් ද යන්තර මාලාවක් පැලඳවීමෙන් ද ඉවත් කර ගත හැක. කළු කුමාර දෝෂය ඉවත් කිරීමට ඉතා අපහසු දෙයකි. මෙම කළු කුමාරයා සැඟවී සිටින්න, රවට්ටන්න ඉතා හපනෙකි. දක්ෂ ඇදුරෙකුට පමණයි මෙය ඉවත් කළ හැක්කේ. ඔබ දැනටමත් දහපළකට යන්නට ඇති. මෙම දෝෂය ඉවත් කර ගන්නට නමුත් මෙය ඉවත් වී නැහැ කියන දෙය ඔබේ සිතට එනවා ඇති. එයට හේතුව මා ඉහත කී කරුණුය.

විශ්ව දේවි පීඨය
ත්‍රිකුණාමලය
0775700834

advertistmentadvertistment
advertistmentadvertistment