ක්‍රිකට් විනිසුරු මුල් පුටුව රවීන් වික්‍රමරත්නට

168

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා තේරී පත්වී ඇත.

ඉකුත් ජූනි මස 02 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ 80 වන මහා සභා රැස්වීමේදී නව නිලධාරීන් පත් කිරීමේදී එම තනතුර සඳහා වික්‍රමරත්න මහතා නිතරගයෙන් පත්වීම කැපී පෙනෙයි. මීට අමතරව ප්‍රධාන ලේකම් ලෙස උපුල් වෑවගේ මහතා ද, භාණ්ඩාගාරික ලෙස වසන්ත ආරියවික්‍රම මහතා ද, තරග පැවැරුම් ලෙස පාලිත කුලතුංග මහතා ද නිතරගයෙන් පත්ව තිබේ.

නිලධාරී මණ්ඩලය – සභාපති – රවීන් වික්‍රමරත්න

උප සභාපතිවරුන් – නුවන් සමරනායක, ලීලානන්ද කුමාරසිරි, චතුරාන් සංජීව, ඇන්ඩේ‍ර ප්‍රනාන්දු, ලින්ඩල් හැනිබල්, ආනන්ද කරුණාරත්න, සමන් හේවාවිතාරණ, ටිරෝන් විජේවර්ධන, කමල් ඉන්ද්‍රජිත්, ලේකම් – උපුල් වෑවගේ, භාණ්ඩාගාරික – වසන්ත ආරියවික්‍රම, තරග පැවැරුම් ලේකම් – පාලිත කුලතුංග, උප ලේකම් – ලසිත් කරුණාතිලක, උප භාණ්ඩාගාරික – මොරිස් ඩෙලා සිල්වා, උප තරග පැවැරුම් ලේකම් – නයනජිත් චමින්ද, විධායක කමිටු සාමාජිකයින් – රොයි ද සිල්වා, අමිල රත්නායක, බ්‍රයන් විමලසේන, ඉඳුනිල් දුනුවිල, මංජුල කුමාර, සමන් මනෝෂ, සඳුන් රංගජීව, චන්දන කන්නන්ගර, හිරන්ත ගෝමස්, ඩිහාන් පීරිස්, දීප්ති බණ්ඩාර.

advertistmentadvertistment
advertistmentadvertistment