ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය අද (25 වැනිදා) පෙරවරු 11.30 ට ආරම්භ වේ.
එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම හිමි වේ.
අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය ට එරෙහිව ඊයේ (24 වැනිදා) පැවති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.
ඉන්දියාව ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් ලබා ගෙන අවසන් මහා තරගයට සුදුසුකම් කීහ.
ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 77 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3 ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 2 ක් ලබා ගත්හ.
පන්දුවට පහර දීමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 14 ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23 ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 15 ක් රැස් කළහ.
තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී තායිලන්තය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගය ට පැමිණියේය.
අර්ධ අවසන් පූර්ව තරගයේදී හර්ෂිතා සමරවික්‍රම හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අයුරින් ඊයේ පැවැති තරගයේදී නිලක්ශි ද සිල්වා ද හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කැන්දාගෙන ආවාය. නිලක්ශි ඊයේ නොදැවී රැස් කළ ලකුණු ප්‍රමාණය 18 කි.