කායවර්ධන සහ සවි එසවීමේ ශූර රොෂාන් නාලක

32

රොෂාන් නාලක කුමාර ද සිල්වා කායවර්ධන ක්‍රීඩාවෙන් මෙරට අද නම ගිය චරිතයකි. ඔහු කායවර්ධන ක්‍රීඩාවට පමණක් නොව සවි එසවීමටද සමත්කම් ඇත්තෙකි. මේ ක්‍රීඩා දෙකම එකවර ප්‍රගුණ කරන්නෝ විරල වෙති. එනිසා රොෂාන් නාලක කලකින් හමුවන ක්‍රීඩා තරුවකි. Mr.Novice – 2021 තරගාවලියේ කිලෝ ග්‍රෑම් 55 බර පංතියෙන් තුන් වන ස්ථානය ජයග්‍රහණය කිරීම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ පළමු නම ගිය ජයග්‍රාහී කඩඉම වේ. අනතුරුව 2022 වසරේ පැවති සමස්ත ලංකා ශක්ති සවිබර එසවීමේ තරගාවලියේ ඔහු කිලෝ ග්‍රෑම් 59 බර පංතියේ තෙවන ස්ථානය ජයග්‍රහණය කළේය.

එහෙත් රොෂාන් නාලක යනු දිනෙන් දින ඉදිරියට යන ක්‍රීඩකයෙකි. ඔහුගේ ක්‍රීඩා දිවියේ ජයග්‍රහණවල ස්වර්ණමය අවස්ථාව මේ මෑතකදී උදාවන්නේ ඒ ධෛර්යවන්ත ගමනේ ප්‍රතිඵල මතය. ඒ 2024 වසරේ සමස්ත ලංකා ශක්ති බෙන්ච් ප්‍රෙස් තරගාවලියේ කිලෝ ග්‍රෑම් 66 බර පංතියේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමයි.

“ඒ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මට දැන් අවශ්‍ය රට වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමයි. ඒ වෙනුවෙන් මම දැන් කැපවෙලා ඉන්නේ. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන දේශීය තරගාවලි සියල්ලට සහභාගි වී ඒවා ජයග්‍රහණය කිරීම මගේ අපේක්ෂාවයි”

රොෂාන් තම ජයග්‍රහණයන් සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව එසේ අප සමග පැවසීය.

හුදෙක් ක්‍රීඩා තරුවකට පමණක් සීමා නොවූ රොෂාන් සහතික ලත් වෘත්තීමය කායවර්ධන හා යෝග්‍යතා උපදේශකයෙකි. පෝෂණ හා ශරීරයේ බර පාලනය සම්බන්ධ පුහුණු උපදේශකයෙකි.

ජාතික කායවර්ධන හා යෝග්‍යතා විනිසුරු පාඨමාලාව (National Bodybuilding) Fitness Judging Course – සම්පූර්ණ කර ඇති ඔහු 2023 වර්ෂයේ මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියේ විනිසුරුවරයකු ලෙස ද සම්බන්ධ විය.

advertistmentadvertistment
advertistmentadvertistment