කාලගුණ අනාවැකි හා කෘෂිකාර්මික උපදෙස් දීමට ගොවීන්ට ඇප් එකක් වියදම කෝටි 10 ක්

120

රට පුරා ගොවීන්ට කාලගුණික අනාවැකි සහ කෘෂිකාර්මික උපදෙස් ලබාදීමේ අරමුණින් වාරිමාර්ග අමාත්‍යාංශයේ ‘වැව් ගම් පුබුදුව’ වැඩසටහන මගින් ‘අනාවැකි’ නමින් ජංගම දුරකථන යෙදුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ.

ගොවි ජනතාවට අවශ්‍ය කාලගුණික තොරතුරු එනම් වැසි ලැබීම්, සුළං තත්ත්වය, වියළි කාලගුණය ආදී තොරතුරු මෙම ඇප් එක හරහා ගොවීන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බව ‘වැව්ගම් පුබුදුව’ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා පැවසීය.

කාලගුණ තත්ත්වයන්ට අමතරව අතරමැදි කන්නයේදී වගා කළ හැකි හොඳම භෝග වර්ගය පිළිබඳ උපදෙස් ද ගොවි ජනතාවට මේ හරහා ලබාගත හැකි බව ද එදිරිසූරිය මහතා කීය.

මෙහි මුල් පියවර ලෙස දිස්ත්‍රික්ක 07 ක ගොවි ජනතාවට වට්ස්ඇප් කණ්ඩායම් මාර්ගයෙන් කෘෂිකාර්මික උපදෙස් ලබා දෙන අතර අප්‍රේල් මස මුල් සතියේදී මෙම ඇප් එක රටටම හඳුන්වා දීමට නියමිතය. කාලගුණ විiා දෙපාර්තමේන්තුව සමඟ මෙය ක්‍රියාවට නැංවීම සඳහා වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය මගින් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැය කරනු ලබයි.


advertistmentadvertistment