කැන්ඩි කැඩූ සොරා අසුරු සැණින් ඇල්ලූ කොස්තාපල් චතුරංගට දහසින් බැඳි පියලි

121

විශිෂ්ට ලෙස තම රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් සඳහා මුදල් ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා පිරිනැමීම ඉකුත්දා (12 වැනිදා) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

මෙහිදී එම ත්‍යාග මුදල් හා පොලිස්පති ප්‍රශංසා ලිපි ලබාදීම ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිණි.

එහිදී ඉකුත් 2022 අප්‍රේල් මස 15 වැනි දින කඩවත ‘කැන්ඩි’ රෙදි පිළි ආයතනය කඩා මුදල් රුපියල් ලක්ෂ 272ක් සොරාගත් සැකකරු පැය හතරක් ගතවීමට මත්තෙන් එම මුදල් ද සමග අත්අඩංගුවට ගැනීමේ විශිෂ්ට සේවය සඳහා පොලිස් කොස්තාපල් චතුරංග නිලධාරියාට (84427) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් රුපියල් එක්ලක්ෂ විසිදහසක ත්‍යාග මුදලක් ලබාගත් අයුරුයි මේ.

දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment