ග්‍රීසියේ ළමුන් 1200ක් ලැව් ගින්නෙන් බේරා ගැනේ

174

ග්‍රීසියේ ඇතැන්ස් අගනුවරට යාබදව ඇවිලෙමින් තිබූ දරුණු ලැව් ගින්නකින් විහිදුනු ගිනිදැල් හේතුවෙන් ගිම්හාන සමයේ කඳවුරු බැඳ සිටි ළමුන් 1200ක පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ග්‍රීක බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. බටහිර ඇතැන්ස් නගරයට යාබදව පිහිටි ‘ලවුට්‍රකි’ වෙරළබඩ නගරයේ කඳවුරු බැඳ සිටි ළමුන් පිරිසක් මෙසේ ඉවත් කර ඇති අතර එම ලැව් ගින්නෙන් අවදානමට පත් නිවැසියන් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ සිටි අශ්වයන් ඇතුළු සත්ත්වයන්ද වහා ඔවුන් සිටි ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑමට හදිසි ආපදා කණ්ඩායම් විසින් පියවර ගෙන තිබේ.

අදාළ ලැව් ගින්න ඇවිලී ඇති ප්‍රදේශයේ පවතින තද සුළං හේතුවෙන් එම ගින්න වේගයෙන් පැතිරීමට පටන් ගෙන ඇති බව බලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment