කිහිප වරක් දිවි නසාගන්න හැදූ තරුණිය මුහුදට පැන මියයයි

1159

කිහිප වරක් සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක් මුහුදට පැන සිය දිවි හානි කරගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර අමරමෝලි මාවතේ පදිංචිව සිටි පොරවගොඩ ප්‍රබෝදනී ද සිල්වා නැමැති 31 හැවිරිදි අවිවාහක තරුණියකි.

මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් මේ පිළිබඳව බළපිටිය මූලික රෝහලේ දී මරණ පරීක්ෂණය පවත්වන ලදී.

අහුන්ගල්ල පොලිසියේ පොලිස් සැරයන් සත්සර ගුණසේකර (62021) මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් මියගිය තරුණියගේ මව වන පොරවගොඩ ජයන්ති ද සිල්වා මහත්මිය පවසා සිටියේ මැය කුඩා කාලයේ සිට මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන බව හා මීට පෙර කිහිප වතාවක් සිය දිවි හානි කර ගන්නා බව කියා තිබුණු බවය.

බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි එස්. එම්. ඒ. තුෂාරි මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර විවෘත තීන්දුවක් ප්‍රකාශ කළාය.
බළපිටිය – අනුර යසමිත්


advertistmentadvertistment