කුකුල්කටුවේ හේනක මන්දක පැටලී සිටි වළහා විල්පත්තු වනයට මුදාහරී

347

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත කුකුල්කටුව ප්‍රදේශයේ හේනක මන්දක පැටලී සිටි වළසෙකු ඉන් මුදාගෙන පෙරේදා (01දා) විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදාහරින ලද බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වළසෙකු මන්දක පැටලී සිටින බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වයඹ කලාපය භාර වනජීවි පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් වහාම වළහා මුදාගෙන ප්‍රතිකාර කර වනයට මුදාහරින්නට කටයුතු කළ බව දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment