කුණාටුවට හසුවී යාත්‍රාව පෙරළීමෙන් බළපිටියේ දෙදෙනකුට දිවි අහිමි වෙයි

68

බළපිටිය හරස්පොළ මුහුදු වැල්ලෙන් පෙරේදා (28 දා) මුහුදු ගොස් සිටියදී කුණාටුවකට හසුව පෙරලුණු ධීවර බෝට්ටුවේ සිටි ධීවරයන් තිදෙනාගෙන් දෙදෙනකු මියගොස් එක් අයකු දිවි බේරාගෙන පැමිණ ඇත.

මෙම සිද්ධියේදී මියගිය බළපිටිය විජයාරාම පාරේ පදිංචි සට්ටම්බි අර්ල් නිශාන්ත කුමාර ද සිල්වා (46) යන අයගේ මළසිරුර පෙරේදා (28 දා) හරස්පොලේ වැල්ලට ගොඩ ගසා තිබුණි. අතුරුදන්ව සිටි බළපිටිය බ්‍රහ්මණවත්තේ පදිංචි අගම්පොඩි ප්‍රදීප් සුරේන්ද සිල්වා (42) නමැති අයගේ මළසිරුර ඊයේ (29දා) වෙරළට ගොඩගසා තිබුණි. සිද්ධියෙන් බෝට්ටුවේ හිමිකරු වන බලපිටිය විජයරාම පාරේ පදිංචි ලද්දු ගිම්මානද සිල්වා (28) නමැති අය පීනා ගොඩබිමට පැමිණ දිවි බේරාගෙන ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.

මුහුද මැද යාත්‍රාව පෙරළී දිවි අහිමි වූ දෙදෙනාම යුද හමුදාවේ හිටපු සෙබළුන් බව අහුන්ගල්ල පොලිසිය ඊයේ (29) ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා බලපිටිය රෝහල් මෘත ශරීරගාරයට ගෙනයනු ලැබිණ.

අහුන්ගල්ලේ – කමල් ශ්‍රී ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment