කුලියාපිටියේ තරුණයාගේ මරණයට සිඟිතිගේ දියණිය මහෙස්ත්‍රාත්වරයාට රහසිගත ප්‍රකාශයක් දෙයි

551

කුලියාපිටියේ අතුරුදන්ව දින 15කින් සිරුර සොයාගත් තරුණයාගේ ඝාතනයට අදාළව එම තරුණයා දුරකථනයෙන් කථාකොට ගෙන්වාගෙන ඇතැයි කියන රිමාන්ඩ් භාරයේ සිටින සිඟිතිගේ 18 හැවිරිදි දියණිය කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපිට රහසිගත ප්‍රකාශයක් කර ඇත.

මැයි 13 දා එම නඩුවට අදාළව සැකකාරිය නිරීක්‍ෂණයට මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ගොස් විමසීමට ලක්කිරීමේදී සැකකාරිය කළ ඉල්ලීම සලකා බැලමින් එම අවසරය ලබාදී තිබිණ.

එහිදී රෝහලෙන් බැහැරව බන්ධනාගාරයට යෑමෙන් පසුව එම රහස් ප්‍රකාශය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අධිකරණය ආරම්භ කිරීමට මත්තෙන් ලබාගෙන තිබිණ. බන්ධනාගාරය මගින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් නිළ මැදිරියට අදාළ සැකකාරිය ඉදිරිපත් කර තිබිණ.

එම නඩුව එළැඹෙන 27 යළිත් කැඳවීමට නියමිතව ඇත.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment