කුවේටයේ ගොඩනැඟිල්ලක ගින්නෙන් 41ක් මරුට

131

කුවේට් රාජ්‍යයේ මන්ගාෆ් දිස්ත්‍රික්කයේ නිවාස ගොඩනැඟිල්ලක ඊයේ (12දා) හටගත් ගින්නකින් 41 දෙනකු මිය ගොස් ඇති බව එරට නියෝජ්‍ය අගමැතිවරයා විසින් නිවේදනය කර තිබේ. මෙසේ මියගොස් ඇති පිරිස අතර ඉන්දීය ජාතිකයන් ද විශාල පිරිසක් සිටින බව වාර්තා වී ඇත.

කුවේට් රාජ්‍යයේ කම්කරු රැකියාවල යෙදෙන විදේශිකයන් වාසය කරන මෙම ගොඩනැඟිල්ලේ පහළ මාලයේ නිවසක මුළුතැන්ගෙයි හටගෙන ඇති ගින්න පසුව ගොඩනැඟිල්ල පුරාම ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මෙම ගින්නෙන් මියගිය පිරිස අතර කේරළ ජාතිකයන් පස් දෙනෙකු සිටින බව කේරළයේ පළ වන පුවත්පත් විසින් වාර්තා කර තිබේ. විදෙස් කම්කරුවන් 195 දෙනෙකු මෙම ගොඩනැඟිල්ලේ පිහිටි නිවාසවල පදිංචිව සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment