කූඩුවේ සිටි සැකකරුට ගංජා ගහන්න ඉඩ දුන් බෙලිඅත්ත පොලිසියේ 5කගේ වැඩ තහනම්

69

බෙලිඅත්ත පොලිසියේ සිරමැදිරියේ සිටි සැකකරුවකුට ගංජා සුරුට්ටු දෙකක් පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදීම නිසා එම පොලිසියේ සැරයන්වරයන් තිදෙනකුගේ සහ කොස්තාපල්වරයන් දෙදෙනකුගේ සේවය තහනම් කර ඇත.

මෙම සැකකරු ගංජා මිලිග්‍රෑම් පනහක් සමග පොලිස් භාරයට ගෙන සිටිය දී මොහුට ගංජා සුරුට්ටු දෙකක් පානයට අවස්ථාව ලැබුණේ කෙසේ දැයි කියා පොලිස් ප්‍රධානියාට ප්‍රශ්නයක් වී තිබේ.

මෙම සිරමැදිරියේ තිබී ලයිටරයක් ද සොයාගෙන ඇත. මෙම සිද්ධිය පිළිබඳව ලැබුණු තොරතුරකට සිදුකළ පරීක්ෂණ අනුව මෙසේ පොලිස් නිලධාරීන් පස්දෙනාගේ සේවය තහනම් කර ඇත.

බෙලිඅත්ත ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියා ද පැවසුවේ හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු බැලීමට පැමිණි කිසියම් අයකු ඔහුට මෙම ගංජා සුරුට්ටු දෙක සහ ලයිටරය ලබා දී ඇති බවය.

පොලිස් නිලධාරීන්ගේ නොසැලකිල්ල මත මෙය සිදුවී ඇතැයි පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment