කෙහෙළිය වන්දි ඉල්ලයි

3432


ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනඑනු ලැබීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment