සඳුදා සිට RMV යන හැටි

1065


මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවද සඳහන් කරයි.
එම දුරකථන අංකය වන්නේ 2 117 116 වේ.එය අමතා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත් පසු තම දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතුය.ඉන්පසු අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් කෙටි පණිවුඩයක් ලැබේ. www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment