කොදෙව් – ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලි ජය සොයා අද පිටියට

1

සංචාරක කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි සහ අවසාන තරගය අද (28දා) හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් තරග 3කින් සමන්විත තරගාවලියේ දෙපිළම එක් තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසුවෙයි. ඒ අනුව මෙම තරගය ජයගන්නා කණ්ඩායමට විස්සයි-20 තරගාවලියේ ජය හිමිවනු අතර, එසේම එක්දින තරගාවලියේ ජය 3-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ අතර විස්සයි -20 තරගාවලියේ පළමු තරගයද ජයගත් චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගයට පැමිණෙනු ඇත්තේ තරගාවලියේ ජය සොයාගෙනය. කොදෙව් කාන්තාවන්ද තරගාවලි ජයක් සොයා මෙම තරගය සඳහා පැමිණෙනවා ඇත.

මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4කින් ජයගත් අතර, දෙවැනි තරගය කොදෙව් ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 6කිනි.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment