කොමර්ෂල් බැංකුව තවත් ප්‍රධාන ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කළ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් මගින් මාරවිල සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලැබීය.

කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරන ලද මෙම වැඩමුළුව මගින් ඔවුන්ගේ තාක්ෂණික හා මූල්‍ය සාක්ෂරතාවය ඇතුළු අනෙකුත් ව්‍යවසායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙන ලදී. තවද මෙහිදී ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ඇතුළු තවත් අදාළ කරුණු හා තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට ඔවුන්ට ලබාගත හැකි බැංකු නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව ද දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන අංශ මෙන්ම කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය අංශය හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකය (AMFU) මෙන්ම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

වැඩසටහනේ ප්‍රධාන අරමුණු වූයේ මූල්‍ය හා ව්‍යවසායකත්ව කුසලතා වැඩි දියුණු කිරීම, මූල්‍ය සම්පාදනය සඳහා ප්‍රවේශය වැඩි කිරීම, තීරණ ගැනීමේ හැකියාව සවිබල ගැන්වීම හා අවසන සමස්ත ප්‍රජා සංවර්ධනයට දායක වීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment