කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගම් නිලවරණ වාරණය ඉවත් කරන්න

90

ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා
සුමිත් වෛද්‍යසේකර සාමාජිකයෙක් නොවේ

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2024 නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගය ලබාගත් නීතිඥ සුමිත්‍ර වෛiසේකර මහතා එම නීතිඥ සංගමයේ සාමාජිකයකු නොවන බැවින්, අධිකරණය ලබාදුන් වාරණ නියෝගය අවලංගු කරන්නැයි, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතාගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් මේ වනවිට අධිකරණය හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් අධිකරණය අවසන් තීන්දුවක් ලබාදෙනතුරු, එකී නිලවරණය නොපැවැත්වීමට එම සංගමයේ නිලධාරීන් තීරණය කර ඇතැයි ද නීතිඥ දමින්ද විජේරත්න හා නීතිඥ සෙහාන් චානක සිල්වා යන මහත්වරුන් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

පෙත්සම්කාර පාර්ශ්වය හා අගතියටපත් පාර්ශ්ව ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන කරුණ සම්බන්ධයෙන් නියෝගය ලබන 18 වැනිදා නිකුත් කිරීමට තීරණය කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා එදින දක්වා වාරණ නියෝගය දීර්ඝ කිරීමට ද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment