කෝටි ගණනක මුදල් වංචා සහ කූට ලේඛන සකස් කිරීම ගැන ව්‍යාපාරිකයකුට චෝදනා

251

කෝටි ගණනින් මුදල් වංචා කළ හා කූට ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කොළඹ 06 පදිංචි නඩරාජා කනරාජා නොහොත් ගනේෂ් නමැති ව්‍යාපාරිකයාට එරෙහිව මෙම පරීක්ෂණය පැවැත්වේ. මෙරට ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටිමින් කූට ලේඛන සකස් කර ඇති බවට මොහුට චෝදනා එල්ල වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එම්. සාජිත් මහතා ඉදිරියේ කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය සිදුවේ. මෙම වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ ෆස්ලි අහමඩ් අසාර් මහතා විසිනි. නඩරාජා කනරාජා නමැති ව්‍යාපාරිකයාට එරෙහිව කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් විභාග වෙමින් පවතින අතර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ද නඩු දෙකක් විභාග වෙමින් ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment