ගණේමුල්ලේ සංජීව ඝාතනයට සැක පොලිස් නිලධාරියා 07 දා තෙක් රිමාන්ඩ්

406

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (21දා) නියෝග කළාය.

ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියැදුරු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණයෙන් අවසර ලැබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.


advertistmentadvertistment