ගලගෙදර උසාවියේ සිර මැදිරියෙන් තවත් යකඩයෙක් පලා යයි

44

නඩු කටයුත්තක් සඳහා රැගෙන විත් ගලගෙදර අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී එහි යකඩ කූරු ඈත් කොට පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ගංජා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හතරලියද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇත.

ඊට අදාළ නඩුව විභාග කිරීම සඳහා 25 දින ගලගෙදර අධිකරණය වෙත රැගෙන විත් අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී එදින පස්වරුවේ සිර මැදිරියේ යකඩ කූරු ඈත් කොට සැකකරු පළා ගොස් තිබේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර සහ හතරලියද්ද පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment