ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ පෙරේදා (29 දා) සවස ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන් කර ඇති අතර මගීන් පාර හරහා මාරු වෙන ආලෝක වර්ණ සංඥා අසල යතුරුපැදිය නැවතීමත් සමග එකවර
ගිනිගෙන තිබේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබේ. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කලුආරච්චි – ගාල්ල