ලිට්‍රෝ ගෑස් බසී

257

ලිට්‍රෝ ගෘහස් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 05 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 02.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 02.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා දල මිල පහත දමා තිබේ.


advertistmentadvertistment