ගිය වසරේ බොරතෙල් මිල සියයට 17කින් පහළට

56

බොරතෙල් බැරලයක මිල ඉකුත් වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් 82.22 දක්වා සියයට 17 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99.06ක් ලෙස පැවතුණි. 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82.22 දක්වා සියයට 17කින් පහළ ගොස් තිබුණි.

බොරතෙල් මිල පහළ යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 89.60 දක්වා පහළ ගොස් තිබූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2022 වර්ෂයේ වාර්තා කළ රුපියල් බිලියන 617.6ක අලාභයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 120.3ක ලාභයක් වාර්තා කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment