චීන තායිපේහිදී අපේ තිදෙනෙක් අද තරග බිමේ

93

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සොයා සටන් වැද සිටින ගයන්තිකා අබේරත්න (මීටර් 1500), නදීෂා රාමනායක (මීටර් 400), තරුෂි කරුණාරත්න (මීටර් 800), අරුණ දර්ශන (මීටර් 400) සහ නදීෂා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම) අද සහ හෙට (01 සහ 02) චීන තායිපේ රාජ්‍යයේ දී තම උපරිමය ප්‍රදර්ශනය කිරීමට සූදානම් වී සිටිති.

චීන තයිපේ විවෘත ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතාව ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලියේ දී ඉහළම දක්ෂතාව හා හැකියාව ප්‍රදර්ශනය කරනු ලබන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට ද මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම උදෙසා නිර්දේශය ලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස අසංක රාජකරුණා මහතා කටයුතු කරනු ඇත.

අද (01) පැවැත්වෙන තරග සඳහා ගයන්තිකා අබේරත්න, නදීෂා රාමනායක සහ අරුණ දර්ශන තරග වදින අතර දිල්හානී ලේකම්ගේ සහ තරුෂී කරුණාරත්න හෙට (02) දිනයේ දී තරග බිමට එක්වීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment