ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරින් ඉදිකර තිබෙනවා

300

– ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

 ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර තිබෙනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

 මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ ලංකාගම – නෙළුව මාර්ගයේ වත්මන් තත්වය පිළිබදව අදහස් දක්වමිනි. එ පිළිබද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කිය.

 98% වැඩ ඉවරයි ඉක්මනින්ම ජනතා අයිතියට.කොවිඞ් කාලෙ උනත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තුතිය පිරිනමනවා.

 විපක්ෂය ප‍්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලනික පක්ෂයන් විසින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට මේකට විරුද්ධව කතා කළා . ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොඳක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ. මම මහාමාර්ග විෂය භාර අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත අවස්ථා කිහිපයකදී කිව්වා ලංකාගමට යන්න වාහනයක් සහ අනෙකුත් පහසුකම් සියල්ල ලබා දෙන්නම් ගිහින් බලන්න මේ පාර කොහොමද හදන්නේ කියලා. නමුත් විපක්ෂය කළේ ජවිපෙ සහ විවිධ පුද්ගලයින් ටික එකතු කරගෙන කොළඹට වෙලා මේ පාර හදන එකට විරුද්ධව උද්ඝෝෂණ කරපු එක තමයි.ගස් කපනවා සිංහරාජය විනාශයි කිව්වා. කෝ එක හානියක් උනාද?

 ඔවුන් මුළු ලෝකයටම කිව්වා මේ පාර හදන්න රාජපක්ෂලා විශාල වශයෙන් මේ සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා . මේ මාර්ගය හදන්න අපි කිසිදු ගසක් කැපුවේ නැහැ. මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කරනු ලැබුවා.

advertistmentadvertistment
advertistmentadvertistment