පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (22දා) පැවැසීය.
ස්වාධීන කොමිෂන් සභාවලට හැමවිටම විධායකයේ අත පෙවීමක් සිදුවන බවත්, ඒවා නාමමාත්‍රික කොමිෂන් සභා බවට පත්වී ඇති බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන ආකාරයට සියයට 27 කින් විදුලි බිල අඩු කිරීමේ හැකියාව තිබුණත් එසේ නොකරන්නේ ආණ්ඩුවට විශාල බදු මුදලක් ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ජනක රත්නායක මහතා වැනි ස්වාධීන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමට විපක්‍ෂයක් ලෙස හැමවිටම පෙනී සිටින බවද කියා සිටියේය.
චමින්ද සිල්වා