ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

130

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (09දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එහිදී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ලැබී ඇති සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිත අතර 13 වන සංශෝධනයට අදාළව බලය බෙදීම සම්බන්ධයෙන් සහ වත්මන් ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විස්තර ඉදිරිපත් කරනු ඇත.

13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළව අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට නියමිත අතර පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන එමගින් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment