ජනපතිගේ කතාවෙන් මැතිසබය රත් වෙයි – උසාවි තීන්දුවට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

565

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තු බලය උල්ලංඝනය කරලා ජනාධිපති කියයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 දා) අභියෝගයට ලක්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පැවසීය. එලෙස පත් කරනු ලබන තේරීම් කාරක සභාව සඳහා බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් පත් කරන ලෙස ද හෙතෙම යෝජනා කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවෙන් පාර්ලිමේන්තු බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය ප්‍රකාරව උල්ලංඝනය කර ඇතැයි ද ජනාධිපති කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

ඔබ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියෙව්වා නේද? මට ඒ ගැන රීති ප්‍රශ්නයක් තිබෙනවා. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි වගන්තිය යටතේ මේ පාර්ලිමේන්තුවේ බලය උල්ලංඝනය කරනවා. ඒ වගේම අපි තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. මම කියන්න කැමතියි මේ පනතට අනුව මොකක්ද මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මොකක්ද කියලා. එය අවම තරමින් සොයා ගන්නවත් අමාරුයි. එය නිශ්චිත නෑ. පනත තුළ ඒ ගැන සඳහනක්වත් නෑ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් 2011 වසරේ සිට තිබෙනවා. මේවා තිරසර සංවර්ධන ඉලක්ක පහ යටතේ වගේම අප අත්සන් කර තිබෙන කාන්තා සම්මුති සහ එකඟතා යටතේ රජයේ වගකීම්.

ඊටත් වඩා ‘කමලාවතී’ (කමලාවතීට එදිරිව නඩු තීන්දුව) සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර දේ, එය දේශපාලනික කාරණයක්. එවිට ඔවුන් ඒවා උල්ලංඝනය කරමින් අපේ සීමාවට එනවා. මේ සියලු බලයන් නොසලකා හැර තිබෙනවා. අධිකරණය සියල්ල පැත්තකින් තබලා මෙය අරගෙන තිබෙනවා. ඒගොල්ලෝ කරලා තිබෙන විදිහට මේ සියල්ල පේන්නේ නැති වෙලා තිබෙනවා. අනෙකුත් සියලුම අධිකරණ තීන්දු කල් දාලා තිබෙනවා. ඒ නිසා ඔවුන් යම් ආකාරයකට අධිකරණමය වශයෙන් නුසුදුසු දේවල් කරනවා. ඊළඟට අපිට කියනවා ඒවා අනුමත කරන්න කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවට එය කළ නොහැකියි. කොහොමද විනිසුරුවන් 10දෙනෙකුගේ තීරණයට පිටින් යන්නේ? කොහොමද අගවිනිසුරුට පිටින් යන්නේ?

ඊළඟට ඔවුන් කියනවා මෙමගින් සමලිංගික විවාහ අනුමත කරනවාලු. නෑ ඒක ඒකත් එක්ක සම්බන්ධ නෑ. අපිට ඒකට ඉඩ දෙන්න බෑ. එය අවසානයේදී අධිකරණයටයි තීරණය කළ හැක්කේ. ඒ වගේම රටේ විවාහ නීති එක් වගන්තියකින් වෙනස් කළ නොහැකියි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment