ජනාධිපතිවරණයට අපේක්ෂක රොත්තක්

228

ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්වන ජනාධිපතිවරණය බවට ඉදිරි ජනාධිපතිවරණය පත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රධාන අපේක්‍ෂකයන් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, එක්ස් ජනරජ පෙරමුණ නායක පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු වන දිලිප් ජයවීර, ධම්මික පෙරේරා සහ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක යන අය ද මේ වනවිට සූදානම් වෙති. මීට අමතරව වෘත්තීයවේදීන් කිහිප දෙනෙක්ද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිති. ඔවුන් එසේ ඉදිරිපත් වන්නේ වත්මන් දේශපාලනඥයන් කෙරෙහි තරුණ පිරිස් අතර පවතින අකමැත්ත නිසාය.

එම තරුණ ඡන්ද වෘත්තීයවේදීන් වෙත ලබා ගැනීමට ඔවුහු අපේක්‍ෂා කරති. රටේ බහුතරයක් ජනතාව ඉල්ලා සිටින්නේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් බැවින් එය කළ හැක්කේ දැනට සිටින දේශපාලනඥයින්ට නොව දූෂණ චෝදනා නොමැති උගතුන්ට බව වෘත්තීයවේදීන්ගේ මතය වී ඇත. ඒ අනුව මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට වෘත්තීයවේදී සංගම් කිහිපයක් මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිති. ඔහු ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අභියෝග කළ හැකි සිංහල බෞද්ධ මතය දරන පක්‍ෂයකින් ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි වාර්තාවේ.

උපාලි ද සේරම්


advertistmentadvertistment