ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය

1

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 දා) පැවැත්විණි. පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර සිදු කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මාන ප්‍රදානය කිරීමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment