ජනපති හෝ බැසිල් සමග ස්ටාලිං සාකච්ජාවක් ඉල්ලයි

185

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට අවසන් එකඟතාවයකට පැමිණීමට නම් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡුාවක් කළ යුතු යැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලිං මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.

ගුරු – වැටුප් විෂමතාවය ඉවත්කිරීම සඳහා රජය ගෙන තිබෙන තීරණය ඇමැතිවරුන් කිහිප දෙනකු විවිධාකාරයට ප‍්‍රකාශ කරන නිසා අවසන් එකඟතාවය කුමක්ද යන්න පැහැදිලි නැතැයිද ස්ටාලිං මහතා කීය.

අඩුම වශයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගැටලූ විසඳීමට ගෙන තිබෙන තීරණ කුමක්ද? යන්න නොදන්නා බවත් එම ගත් තීරණ හෝ චක‍්‍රලේඛයක් මගින් ප‍්‍රකාශ කර නැති නිසා වර්ජනය අඛණ්ඩව ගෙනයන බවත් ඒ මහතා සඳහන් කළේය.

වසර 24ක සිට පවතින වැටුප් විෂමතා ගැටලූව විසඳීම සඳහා 2008 අයවැය මගින් රුපියල් මිලියන 3000ක් වෙන්කරනු ලැබූවත් එයද ක‍්‍රියාත්මක නොවූ බව ද ස්ටාලිං මහතා කීය.

අවසන් වරට රැස්වූ කැබිනට් මණ්ඩලය ඉදිරි අයවැය ඉදිරිපත් කරන තෙක් සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක සඳහා රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට එකඟ වී ඇතත් නොවැම්බර්, දෙසැම්බර් සඳහා කුමක් කරනවාද යන්න සඳහන් කර නැතැයි ද කීය. ඊළඟ අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් සිදුකළහොත් එය 2022 ජනවාරි සිට ගෙවීම් සිදුකරන නිසා නොවැම්බර් දෙසැම්බර් මාස සඳහා කුමන පියවරක් ගන්නවාද ඇතුළු කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය බැවින් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡුා කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment