ජපන් ‘වසන්තය’ සම්මාන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුටත්

101

ජපාන රජය පිරිනමන වසන්ත සම්මාන ප්‍රදානයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සම්මාන ගෞරවයට පාත්‍රවී තිබේ. ශිරෝමි සුසෙයි පිල්ලේ මහත්මිය හා දර්ශන් මුනිදාස මහතා එම දෙදෙනායි.

ජපාන ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින් මෙම ගෞරවණීය සම්මාන දෙක පිරිනමා ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ඊයේ නිවේදනය කළේය.

මෙම සම්මානය ලැබූ ශිරෝමි සුසෙයි පිල්ලේ මහත්මිය ‘ඉකෙබානා’ මල් කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සහ ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇත.

දර්ශන් මුනිදාස මහතා ‘නිහොන්බෂී’ අවන්හලේ ප්‍රධාන විධායක නිලධාරි සහ හිමිකරු වන අතර ශ්‍රී ලංකාව තුළ ජපන් ආහාර ප්‍රචලිත කිරීමට දායක වී ඇත.

ජපන් ඉකෙබානා මල් කලාවේ කෙළ පැමිණි ශිල්පිණියක වන ශිරෝමි සුසෙයි පිල්ලේ මහත්මිය දීර්ඝ කාලයක් පටන් ශ්‍රී ලංකාව තුළ එම කලාවේ දස්කම් දක්වමින් සිටී. වර්ෂ 1983 දී ඉකෙබානා මල් කලාවේ ‘සොගෙත්සු’ ශෛලියෙන් සිය ගමන ඇය ආරම්භ කළාය.

ජපන් ආහාර සහ ආහාර සංස්කෘතිය ගෝලීය වශයෙන් ප්‍රචලිත කිරීමට දරන නොපසුබස්නා උත්සාහය අගය කරනු වස්, වර්ෂ 2013 හා 2015 දී ඒ මහතා පිළිවෙළින් තානාපති විශේෂ ප්‍රශංසාවෙන් හා ජපන් ආහාර විදේශයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් පිරිනැමෙන අමාත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. එපමණක් නොව, වර්ෂ 2021 දී ජපානයේ කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යවරයා විසින් ‘ජපන් ආහාර වෙනුවෙන් වූ සුහද තානාපති’ Japanese cuisine goodwill ambassador ලෙස මුනිදාස මහතා පත්කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment