ජ’පුර සිසුවාට පහරදීමේ සිද්ධියට තවත් සිසුන් 6ක් අල්ලයි

61

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසරේ සිසුවකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව මීට පෙර එක් සිසුවකු අත්අඩංගුවට ගත් අතර, ඒ අනුව මේ වනවිට සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසරේ සිසුවකුට අප්‍රේල් 29 වැනිදා හෙල්මට්වලින් පහරදුන් බවට හෝමාගම මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් බුත්තල, කුලියාපිටිය, කිරිඳිවැල, දෙල්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22, 23 සහ 24 වයස්වල පසුවන්නන් බවද පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර


advertistmentadvertistment