ජාත්‍යන්තර අත්දැකීම් නැති දේශපාලඥයින් කියන කථා ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි

16

කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරුණු හතරක් ඔස්සේ සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීම,ණය දෙන රටවල් සමග විශ්වාසයක් ගොඩනගා ගැනීම,විදේශ ආයෝජන ශක්තිමත් කරගෙන අපනයන ආර්ථිකය ඉහළ නංවාගැනීම සහ රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීමය.මෙම කරුණු ඔස්සේ කටයුතු කර 2048 වසර වන විට ණය බරින් තොර දියුණු රටක් ලෙස ඉදිරියට යාම බලාපොරොත්තුව බවද ජනාධිපතිවරයා කීවේය.නමුත් ඇතැමි දේශපාලඥයින් මෙම ණය ගිවිසුම් ගැන අසත්‍ය පවසන බවත් පැවසීය.ඔවුන් බලයට පත්වූ විට මෙම වැඩ සටහන වෙනස් කරන බවත් ණය ගෙවීමේ වාරික අඩු කරන බවත් පවසන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තරය සමග ඇතිකරගත් ගිවිසුම් අපට අවශ්‍ය ලෙස ඒකපාර්ශවිකව වෙනස් කළ නොහැකි බවත් සඳහන් කළේය.එසේ පවසන්නේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවබෝධයක් නැති අය බවත් ජනාධිපතිවරයා කීවේය.ණය ගැනීම සඳහා එකගතාවයකට පැමිණෙන්නේ දෙපාර්ශවය ඇතිකරගන්නා විශ්වාසය මත බවත් එම විශ්වාසය කඩකළහොත් කිසිදු රටක් හෝ ජාත්‍යන්තර ණය දෙන ආයතනයක් අපට නැවත ණය ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment