ජාත්‍යන්තර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට ඉඩකඩ ඇති නව කාර්යාලයක් ගාලු මුවදොරදී විවෘත වේ

200

ජාත්‍යන්තර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට ඉඩකඩ ඇති නව කාර්යාලයක් පසුගියදා ලංකා ඔටෝමොබයිල් සංගමයේ ප්‍රධාන මූලස්ථානය කොළඹ ගාලු මුවදොරහිදි විවෘත කරනු ලැබීය.

මෙම කාර්යාලය සැප පහසු නවීන උපකරණ හා නවීන තාක්ෂණයෙන් යුක්ත වන අතර විදේශ රටවල රිය පැදවීම සඳහා ජාත්‍යන්තර රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයැදුම්කරුවන්හට වේගවත් සේවයක් ලබාදීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා එම කාර්යාලය විවෘත කළ අතර එම මොහොතට උප සභාපතිවරු ආනන්ද දංගල්ල සහ කීර්ති ගුණවර්ධන යන මහත්වරු ද එක්වූහ. ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතාද ඊට සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment